තවත් ඇඟළුම් කම්හලකින් කොරෝනා පොකුරක්...විශාල පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට

Covid-19 Police Corona Virus Gagana
By Thaya Jan 09, 2021 05:49 PM GMT
Thaya

Thaya

Report

වරකාපොල තුල්හිරිය පිහිටා ඇති ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් 49 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එහි සේවය කරන 640 ක් පිරිසකට සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ බව හෙළි වී ඇත.

මෙම පරීක්ෂණ සිදු කර ඇත්තේ ඊට පෙර සිදු කරන ලද අහඹු පරීක්ෂණ වලින් සේවිකාවන් 07 දෙනෙකු ආසාදිත බව හෙළි වීමත් සමගයි.

ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබේ.