රෝහලකින් කොරෝනා පොකුරක් මතුවෙයි...උණුසුම් තත්ත්වයක්

Corona
By Thaya Jan 14, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් 30 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නාගලිංගම් මයුරන් මහතා පවසනවා.

මේ අතර මඩකලපුව හෙද විදුහ​ලේ හෙද සිසු සිසුවියන් නව දෙනකු ඇතුළු දොළොස් දෙනකු සිටින බවද අධ්‍යක්ෂවරයා කීය.

මඩකලපුව හෙද විදුහල් සිසු සිසුවියන් හා රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරන ලද පී.සී.ආර්. ඇන්ටිජන් පරීක්ෂණය මගින් මේ බව අනාවරණය වී ඇත.

මේ අතර මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරු සහ සහායකවරියන් පිරිසක් අද (14) උදෑසන සියලු රාජකාරීවලින් ඉවත්ව රෝහල ඉදිරිපිට විරෝධතාවක නියැලී තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බවට ඊයේ (13) පස්වරුවේ හදුනාගැනීමත් සමග රෝහලේ වාට්ටු අංක 6 සහ 11 හි සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්යමණ්ඩලය නිරෝධායනයට යොමු කෙරුණි.

නමුත් එහි සේවය කළ සුළු සේවකයින් නිරෝධායනයට යොමු කිරීමට රෝහල් බලධාරීන් පියවරගෙන නොතිබීම නිසා සුළු සේවකයින් 162 දෙනෙකු අද (14) පෙරවරුවේ රාජකාරීවලින් බැහැරව විරෝධතාවයේ නිරතවිය.


GalleryGalleryGalleryGallery