ගාල්ල බටදූවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවක කොරෝනා පොකුරක්

Covid-19
By Thaya Mar 21, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල බටදූවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 26 දෙනකුට මේ වනවිට කොරොනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන් 24 දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ අනුව කර්මාන්තශාලාව ආශ්‍රිතව සොයාගෙන ඇති සම්පූර්ණ රෝගීන් ගනන 50කි.

කර්මාන්තශාලාවෙන් ආසාදිතයන් 11 දෙනකු මුලින් සොයාගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රථිපල අනුව අනෙකුත් ආසාදිතයන් හමුවී තිබේ.

ආසාදිත පුද්ගලයන් රෝහල්ගකතර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් අතර රෝගය තවදුරටත් පැතිරයෑම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලුම සෞඛ්‍යාරක්ෂිත පිටවර ගෙන ඇතැයි පාලන අධිකාරිය සඳහන් කරයි.