යාත්‍රාවක් ගල් පරයක වැදී දෙකට කැඩී යයි...ධීවරයින් 06 කුමන කැලයකින් මතුවෙයි.

Boat
By Thaya Feb 06, 2021 06:47 PM GMT
Thaya

Thaya

Report

කුමන මෝය අසන්නේ පසුගිය බදාදා (03) රාත්‍රියේ ගල් පරවල වැදී බහුදින ධීවර යාත‍්‍රාවක් දෙකට කැඩී බිඳී ගොස් එහි සිටි ධීවරයන් 06 දෙනකු මුහුදට පැන ගොඩබිමට පිහිනා දිවි ගලවා ගත් ත්‍රාසජනක පුවතක් දිවයින පුවත්පත විසින් වාර්තා කර සිටිනවා. මෙලෙස දිවි ගලවා ගෙන ඇත්තේ ගාල්ල ප‍්‍රදේශයේ පදිංචි ධීවරයෝ පිරිසකි. මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ ජනවාරි මස 17 වන දින මසුන් ඇල්ලීම සඳහා ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින යාත‍්‍රාවක්. මෙය ගාල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් යාත‍්‍රාවකි.

මෙම පිරිස ත‍්‍රිකුණාමලය මුහුදු ප‍්‍රදේශයට ගොස් මසුන් අල්ලා නැවතත් යන අතරවාරයේදී කුමන මෝයකට ආසන්නයේදී මුහුදු වෙරළේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක යාත‍්‍රාව වැදීම නිසා මෙම යාත‍්‍රාව කැබලි වී ගොස් තිබේ. එම අවස්ථාවේදී දැඩි වැස්සක් සහ දැඩි සුළඟක් තිබීම නිසා ධීවරයන්ට යාත‍්‍රාව පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබේ. එම අවස්ථාවේදී ආරක්ෂිත කබා පැළඳ සිටි ධීවරයන් පිරිස මුහුදට පැන කිලෝමීටර් දෙකක් පමණ පිහිනා ගොඩබිමට පැමිණ තිබේ.

මෙම දිවි ගලවාගත් පිරිස කුමන වනාන්තරයට පැමිණි තිබෙන අතර කිලෝ මීටර් 10 ක් පමණ වනන්තරයේ ඇවිද ගොස් තිබේ. එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් හට පෙරේදා (04) උදෑසන එම ධීවරයන් පිරිස හමුවී තිබේ. වන ජිවි නිලධාරීන් එම ධීවරයන් වනජීවී කාර්යාලයට රැගෙන ගොස් ඒ බව පානම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ. එම පිරිස ඊයේ වෙනිදා හවස පානම පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ගොස් තිබේ. අනතුර වන අවස්ථාවේ එම යාත‍්‍රාවේ අල්ලන ලද මාළු කිලෝ දෙදහස් පන්සීයක් පමණ තිබූ බවත් එම යාත‍්‍රාවේ කැඩී ගිය කොටස් විටින් විට වෙරළට ගසා ගෙන එන බවද වාර්තා වේ. ( මුලාශ්‍රය – දිවයින පුවත්පත)