මෙරට කාන්තාවන් පිරිසකට බිහිසුණු ප්‍රහාරයක්..

Nuwara Eliya Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Sep 23, 2024 10:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (23) පෙරවරුවේ ,තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට හදිසි බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 28 දෙනෙක් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ, මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්‍රන්ස්වික් කොටසෙනුයි.

කාන්තාවන් පවසන්නේ, තේ දළු නෙළමින් සිටියදී තේ ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ක්ෂණිකව ඇවිස්සීමෙන් පසුව බඹර ප්‍රහාරය එල්ලවූ බවයි.

මෙහිදී එම ස්ථානයේ සේවයේ යෙදී සිටි වතු කේෂත්‍ර නිලධාරියෙකුද බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ ආරංචි මාරග පවසන්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ආරක්ෂක ලේකම්වරයා පත් කෙරේ..!

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ආරක්ෂක ලේකම්වරයා පත් කෙරේ..!

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%