විද්‍යාව එන්නතයි.. මිත්‍යාව පැණියයි.. පැණි පසුපස නොයා ජනගහනයෙන් 70%ක් එන්නත් කල යුතුයි..- අනිල් ජාසිංහ

vaccinated
By Thaya Jan 02, 2021 09:24 PM GMT
Report

කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට නම් විද්‍යානුකූල ක්‍රියාවලියකට මූලිකත්වය ලබාදිය යුතු බවයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වර්තමානයේ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මිත්‍යා විශ්වාස පසුපස යාම සිදු කළේ යුතු නැති බවත් ඇතැම් පිරිස් මිත්‍යා විශ්වාස පසුපස හඹා යන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත්ය.

වෛරසයට සාර්ථකව මුහුණදීමට නම් විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා කියා සිටියි.

ජනතාව තුල ප‍්‍රතිශක්තිකරණය ප‍්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමට නම් ජනගහනයෙන් 70%කට එන්නත ලබා දිය යුතුය ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ජාසිංහ මහතා මෙම අදහස් පළ කළේ 2021 වසර සඳහා තම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කරමිනි.