බැටරියක් උගුරේ සිර වුනු මාස 17 පුංචි දියණිය ලෝම හඬවා නික්ම ගිය හැටි

Battery
By Thaya Mar 06, 2021 06:15 PM GMT
Report

රූපවාහිනී දුරස්ථපාලකයක බැටරියක් උගුරේ සිරවී පිලිස්සීමෙන් මරණයට පත් වූ දියණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර්තා වන්නේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්. මෙසේ මියගොස් ඇත්තේ මාස 17 ක් වයසැති කුඩා දියණියක් x කිරණ මඟින් පෙන්වනු ලැබුවේ ඇගේ උගුර පිළිස්සී ඇති බවයි. මුලින් රෝහල් ගත කර ඇත්තේ දරුණු සෙම්ප්‍රතිශ්‍යාවක් හේතුවෙන් වන අතර බැටරියක් ගිළ ඇති බව දෙමව්පියන් දැන සිටියේ නැත. රූපවාහිනී බැටරියක් අතුරුදහන් වී ඇති බව දැනගත් දෙමව්පියන් එක්ස් කිරණ මඟින් සොයා බැලුවෙ ඒ හේතුවෙනි. රීස් නම් මෙම දැරියගේ උගුරෙන් මෙය ඉවත් කිරීමට හදිසි ශල්‍යකර්මයක් කළ නමුත් ඒ වනවිටත් උගුරට විශාල හානියක් සිදු වී ඇති බවයි රෝහල් සඳහන් කර තිබුණේ. රීස් ගේ මව දෙමව්පියන් වෙත හඬමින් දැනුවත් කරනු ලැබුවේ තම දරුවන් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන ලෙසයි.


GalleryGalleryGallery