එක් ප්‍රදේශයක PCR පරීක්ශන 6000යි ආසාදිතයින් 1059ක් ,ඉතාම අවදානම් තත්වයක්
Corona
By Thaya
අටුලුගම ප්‍රදේශයේ යම් ආකාරයක කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් පවතින බැවින් ඒ අදාළ ග්‍රාම නිළධාරි සේවා වසම් විවෘත කිරීමට හැකියාවක් තිබේද යන්න සලකා බලන බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජානක කුමාර මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂ අංශ සමාජිකන්ගෙන් සමන්වීත කමිටුවක් අද (15) පැවති සාකච්ඡාවකදී පත්කළ බවද ඒ මහතා පැවසීය.
භූ ගෝලීය පිහිටිම අනුව ආරක්ෂාව තහවුරු කළ හැකි ප්‍රදේශ සම්බන්ධයෙන් මෙහිදී සලකාබලන බව ඒ මහතා සඳහන් කළේය.
අටුලුගම ප්‍රදේශයේ මේ වන විට පුද්ගලයින් 6000කගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එයින් 1059 දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.