කොවිඩ් ව්‍යාප්තිය අතරේ ළමා හිංසන පැමිණිලි 6000ක්

Child Abuse
By Thaya Jan 06, 2021 04:41 PM GMT
Thaya

Thaya

Report

ගත වූ 2020 වසරෙහි ළමා අපයෝජන හා හිංසන සම්බන්ධව පැමිණිලි හයදහස්හැටතුනක් (6063) ලැබී ඇති බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි. වැඩිපුර පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ, ගම්පහ, කුරුණෑගල ප්‍රදේශවලින් බවද හෙතෙම හෙළි කළේය.

මෙම පැමිණිලිවලින් බහුතරයක් චෝදනා එල්ලවී ඇත්තේ පියා, මව සහ ගුරුවරුන්ටය.එමෙන්ම විවිධ අපයෝජනයට ලක් වූ බව කියන දරුවන් 552 දෙදෙනකු පාසල් නොයන බවද අනාවරණය වෙයි. ගත වූ වසරේ මෙවැනි පැමිණිලි 3900ක් පරීක්ෂණ අවසන් කර පැමිණිලි 303ක් චෝදනා ගොනු කොට අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි මහාචාර්ය මුදිතා විදානපතිරණ කියා සිටී.

පැමිණිලිවලින් දෙදහසක් පමණ මේවනවිට විමර්ශන වෙමින් පවතී. ප්‍රතිශතයක් ලෙස ගත් කළ එම ප්‍රමාණය සියයට තිහක් පමණ වේ. මේ අයුරින් හිංසනයට අපයෝජනයට ලක් වූ දරුවන්ගෙන් 396 දෙනකු එම පවුල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත