චීනයේ නිෂ්පාදිත එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද මෙරටට...මුලින්ම දෙන පිරිස මෙන්න.
Covid-19
China
Corona Vaccine
By Thaya
චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතව තිබේ. එරට රජයේ පරිත්‍යාගයක් ලෙස එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. මෙරට වෙසෙන චීන ජනතාවට අදාළ එන්නත් ප්‍රථමයෙන් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වන විට මෙරට පුද්ගලයින් 913,219 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී තිබේ. ඒ, ඊයේ (30) දිනය තුළ තවත් පුද්ගලයින් 9,752 දෙනෙකු සඳහා එන්නත් ලබාදීමත් සමගය. කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන පසුගිය ජනවාරි මස 29 වනදා ආරම්භ කෙරුණි.