එකම පවුලේ 6 ක් අනතුරක – තරුණ නිවේදිකාව මහමග මරුට

Accident
By Thaya Mar 14, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

පැල්මඬුල්ල රත්නපුර මාර්ගයේ රිලාහේන ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණ දෙදරු මවක් මරණයට පත් වුණා. මෙසේ මරණයට පත්වී තිබෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිටි විසිනව හැවිරිදි වියේ පසුවු උත්පලා සෙව්වන්දි නම් මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවයිි. පැල්මඬුල්ල රත්නපුර මාර්ගයේ රිලාහේන ඉන්ධන හල අසලදී මේ අනතුර සිදුවුණේ ඊයේ සවස් කාලයේදී. ත්‍රීරෝද රථයේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව බස්රථයේ ගැටී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ අවුරුදු 2ක නිවුන් දරුවන් ඇතුළු එකම පවුලේ 6 දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියා. අනතුරින් මියගියේ එම දරු දෙදෙනාගේ මවයි. ඇගේ පියා ත්‍රීරෝද රථය පදවා ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ මියගිය කාන්තාවගේ දරු දෙදෙනාට අමතරව ඇගේ සැමියා සහ මාමණ්ඩිය ද සිටියා. ඔවුන්ට ද තුවාල සිදුවී තිබෙනවා.