කටාරයේ ලාංකිකයන් 557ක් මිය යයි…
Sri Lanka
Qatar
By Thaya
කටාරයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා ක්‍රීඩාංගන ඉදි කිරීමේ යෙදී සිටි ශ්‍රී ලාංකිකයන් 557 දෙනෙකු පසුගිය වසර 10 ක කාලය පුරා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව එම කාලයේදී එම ව්‍යාපෘතිවල මියගොස් ඇති විදේශ ශ‍්‍රමිකයින් සංඛ්‍යාවක් 6000ක් පමණ වන බවද එම වාර්තා සඳහන් කරයි. අධික උෂ්ණත්වයක් සහිත උස් ස්ථානවල සේවය කරද්දී මෙම පිරිස ඇද වැටී මිය යාමේ සිද්ධිය වාර්තා වී ඇති අතර තවත් පිරිසක් අනතුරට ලක් වී මිය ගොස් ඇත. ඇතැමුව් අනතුරුවලින් පසු එහි සංකූලතා හේතුවෙන් මියගොස් තිබේ. කෙසේ නමුත් මෙම මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකර ඒවා ස්වභාවික මරන ලෙස හඳුන්වා ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.