ඉන්දුනීසියාවේ භූකම්පනයක්
By Shehan
ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූමිකම්පාවක් සිදුවී ඇත.
එහි තීව්‍රතාව රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක් ලෙස වාර්තා වී තිබේ.
මෙම භූමිකම්පාව අද (08) අලුයම 2.48ට පමණ ඇති වූ බව සඳහන්ය. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම භූමිකම්පාවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව දැක්වේ.