අවුරුදු දින කිහිපයේ අධිවේගි මාර්ගවල ආදායම මෙන්න!

Report

සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් උපයා ඇත.

අධිවේගී මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා පවසා සිටියේ, පසුගිය 10 වැනිදා සිට 19 වැනිදා දක්වා දින 10ක කාලය තුළ මෙම ආදායම ලබාගත් බවයි.

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

බල්ටියක පෙර නිමිති..? වෙනස්වුනු දිගාම්බරම්!

එම කාලපරිච්ඡේදය තුළ වාහන මිලියන 1.3ක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

"මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා දින 10ක කාලය තුළ අධිවේගී මාර්ගවල වාහන මිලියන 1.3ක් ගමන් කර තිබෙනවා. එහිදී රුපියල් මිලියන 462ක ආදායමක් ලැබී තිබෙනවා. අද දිනයේදීත් ගම්බිම් බලා ගිය ජනතාව විශාල වශයෙන් අධිවේගී මාර්ග භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

අධිවේගී මාර්ගයට ඇතුළුවීමට පෙර ඔබේ වාහනයේ තිරිංග පද්ධතිය, ටයර්වල තත්ත්වය සහ ආලෝක සංඥා පද්ධතිය පරීක්ෂා කර ගන්නා ලෙස ඉල්ලනවා. එසේම, අධිවේගී මාර්ගවල ගමන් කරන විට වාහන අතර අවම වශයෙන් මීටර් 50ක පරතරයක් තබා ගන්නා ලෙසත්, ආසන පටි පැළඳීමට වගබලා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා. අයහපත් කාලගුණික තත්ත්වයකදී වාහනය පාලනය කළ හැකි වේගයකින් ගමන් කරන්න. ඔබේ වාහනයට යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් වහාම 1969 අංකයට ඇමතුමක් ලබාදෙන්න. අපි පැය 24 පුරා ඔබේ සේවයට සූදානමින් සිටිනවා."

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!