මඟුල් ගෙදරදී කෑම හරි නෑ කියා ගහ ගෙන 4ක් රෝහලේ

Hospitalized
By Thaya Mar 17, 2021 07:18 PM GMT
Report

බළන්ගොඩ ග`ගපාර මිරිස්වත්ත ප‍්‍රදේශයේ දී මංගල උත්සවයක කෑම හරි නෑ යැයි කියමින් ඇතිවූ අරගලයකින් පුද්ගලයන් 4 ක් තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙම මංගල උත්සවයට පැමිණි කොළඹ ප‍්‍රදේශයේ පිරිස ආපසු යන අතරේ ඉන් එක් අයෙක් කෝල් එකක් දී දීපු කෑම බීම හරිම පල් යනුවෙන් බළන්ගොඩ ඥාති පිරිසේ කෙනෙකුට පවසා ඇත. ඉන්පසු ඔහු හා තවත් කෙනෙකු කෑම සංවිධානය කළ ඥාති පුතුගේ නිවසට ගොස් ජනෙල් වීදුරුවලට පහර දී කැඩුණු වීදුරු කැබැල්ලකින් තුවාල සිදු කර තිබේ. එහි සිටි අය ද මොවුන් දෙදෙනාට පහර දීම නිසා සිව් දෙනෙකු තුවාල ලබා ඇත. සිද්ධිය පිළිබඳව බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. බී.එම්.ආර්.කේ.බී.බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. ඒ.බී.පේ‍්‍රමසිරි, පොලිස් සැරයන් (34438* විමලසිරි යන මහත්වරු පරීක්ෂණ සිදු කරති.