අද සිට දින 4 ක දීපව්‍යාප්ත මෙහෙයුමක්..
Police
By Thaya
යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීමට අද සිට දින 4 ක දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මෙහිදී විශේෂයන් යතුරුපැදි පරීක්ෂාවක් ද සිදුකරන බවයි. යතුරුපැදිකරුවන් විසින් සිදුකරනු ලබන මාර්ග නීති උල්ලංඝණය කිරීම් ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි. මේ අතර ගතවු පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා සඳහන් කළේ ය.