අද කොරෝනා මරණ 4යි.. සමස්ත මරණ ගණන ඉහලට
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 4ක් වාර්තාවී තිබෙනවා.ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 199ක්.මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ කාන්තාවක්.
මරණයට පත්වූ එක් පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 72ක අයෙක්.ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අද (30) මියගොස් තිබෙනවා.
මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ මෙනින්ජයිටිස් රෝගී තත්වයයි.කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මරණයට පත්ව තිබෙනවා.
ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුනා.
එහිදී ඊයේ මියගොස් ඇති මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇතිවූ උග්‍ර වකුගඩු ආසාදනය සහ අධි රුධිර පීඩනය සමග ඇතිවූ හෘද රෝගී තත්වයක්.කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද මියගිය අය අතර වනවා.
ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ඊයේ මියගොස් තිබෙනවා.මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියා තත්වය සහ උග්‍ර වූ දියවැඩියා තත්වයයි.මියගොස් ඇති කාන්තාව කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක්.ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
එම රෝහලේදී ඊයේ ඇය මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ උග්‍ර අක්මා ආසාදනය සහ කොවිඩ් 19 ආසාදනය සමග ඇතිවූ ලේ විෂවීමේ කම්පනයයි.