පිළිකා කාරක පොල්තෙල් ගෙනාපු සමාගම් 04 මෙන්න...සියල්ලගේ දැනගැනීම පිණිසයි.
Coconut Oil
By Thaya
මෙරටට පොල්තෙල් ගෙන්වන ලද සමාගම් තවත් තුනක දෙවැනි තත්ත්ව පරීක්ෂණයද අසමත් වී තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම සමාගම් විසින් ගෙන්වූ තෙල් තොගවලද පිළිකා කාරක අන්තර්ගත වී ඇති බවයි. ඊයේ දිනයේ ද එක් සමාගමක් දෙවැනි පරීක්ෂණවලින් අසමත් වී තිබිණි. ඒ අනුව පරීක්ෂණයට භාජනය කර ලද සමාගම් 04 ම පොල්තෙල් වල පිළිකා කාරකයන් හදුනාගෙන ඇත. මේ වන විට අදාළ සියලුම තෙල් තොග ප්‍රති අපනයනය කරන ලෙස උපදෙස් දී ඇත. තෙල් පරීක්ෂාවට ලක්ව කරන ලද සමාගම් හතර මෙසේය.
01.අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
02.සේන මිල්ස් පිරිපහදුව
03.එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
04.කටාන පිරිපහදුව