පෑලියගොඩ C City ව්‍යාපෘතියෙන් මිලියන 300 මාසික ආදායමක්...
යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණු අය අද විපක්ෂයේ සිට කොළඹ වරාය ගැන කිඹුල් කඳුළු හෙළන බව ග්‍රාමීය නිවාස හායහපාලන රජය සමයේ හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණු අය අද විපක්ෂයේ සිට කොළඹ වරාය ගැන කිඹුල් කඳුළු හෙළන බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
පෑලියගොඩ C City ව්‍යාපෘතියේ ආදායම මාසික රුපියල් මිලියන 300 දක්වා ඉහළ නැංවීම අපගේ එකම අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෑලියගොඩ C City වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ යහපාලන රජය සමයේ මෙරටේ ආර්ථිකය කොපමණ ප්‍රමාණයක් කඩා වැටුනාද කියා රටේ ජනතාව දන්නවා. යහපාලන රජය පැමිණීමට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ආරම්භ කළ ව්‍යාපෘති සියල්ල ඔවුන් අතරමඟ නතර කර එම ව්‍යාපෘති හෑල්ලුවට ලක් කළා. මත්තල ගුවන්තොටුපල රටේ ආර්ථිකයට කුමන අයුරින් දායකත්වයක් ලබා දෙන්න හැකි ව්‍යාපෘතියක්ද? නමුත් පසුගිය රජය මත්තල ගුවන්තොටුපල ප්‍රයෝජනයට නොගෙන වී ගබඩාවක් බවට පත් කළා. හම්බන්තොට වරාය මෙරටට මොන තරම් ධනස්කන්දයක් ගෙන එන්නට පුළුවන් ආයතනයක්ද? නමුත් එය වෙනත් රටකට කුණු කොල්ලයට පාවා දුන්නා. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ගිවිසුම ගැන විපක්ෂය අද කතා කරනවා. ඔවුන් ඒ ගැන කතා කරන්නට පෙර හම්බන්තොට වරායෙන් අපට ලැබෙන්නේ 15% ක් යන වග සිතන්නට අවශ්‍යයයි. වරායේ ආදායමෙන් 85% ක් ලැබෙන්නේ වරාය භාවිතා කරන ආයතන වලටයි. එදා ඒ ගැන කවුරුත් කතා කළේ නැහැ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම දැවැන්ත පියවරයක් ලෙස මා දකිනවා. මෙම ව්‍යාපෘතිය 2012 වර්ෂයේදී විමල් වීරවංශ ඇමැතිතුමා ආරම්භ කළා. ඒ මොහොතේදී එවකට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම ව්‍යාපෘතියේ වැදගත්කම කියා සිටියා. පෑලියගොඩ අසළම මත්ස්‍ය වෙළඳ පොළඳ හා මැනින් වෙළඳ පොළඳ තියෙනවා. එම නිසා මෙම ව්‍යාපෘතියත් මෙහි ස්ථාපිත කරන්න අපි තීරණය කළා. මේ ආයතන එකම ස්ථානයකට ගත් විට කොළඹ තදාසන්න ප්‍රදේශය මොන තරම් නිදහස් වනවාද කියා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් දුටුවා. කොළඹ තදාසන්න ප්‍රදේශයේ තිබෙන ජනාකීර්නත්වය නේවාසිකයින්ගේ පහසුව සැළසෙනවාද කියා එදා දුටුවා.
පෑලියගොඩ C City ව්‍යාපෘතියේ වටිනාකම පසුගිය රජය නොදැක්කාට වත්මන් රජය බලයට පැමිණි වහාම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන්නට කටයුතු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අපට නිතරම කියා සිටියේ කිසි දිනක මුල්ගල් පැළවෙන්නට ඉඩ හරින්නට ඉඩ නොතබන ලෙසයි. ආරම්භ කළ සියළු වැඩ අතරමග නවත්වන්නට එපා කඩිනමින් එම ව්‍යාපෘති 100% ක් අවසන් කර ජනතාවට ලබා දෙන්න කියා අපට උපදෙස් ලබා දුන්නා.
