බස් රථයක් ඇලකට පෙරලී - 30කට තුවාල

Accident Injury
By Thaya Jan 09, 2021 05:52 PM GMT
Thaya

Thaya

Report

පුලස්තිපුර, කෑගලූගම ප‍්‍රදේශයේ දී බස්රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් රැගත් මෙම බස්රථය පරාක‍්‍රම සමුද්‍රයට සම්බන්ධිත ඇළකට පෙරළී ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස්රථයේ රියදුරුට එය පාලනය කරගත නොහැකිව ඇළට පෙරළී ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබු පිරිස පොළොන්නරුව සහ පුලස්තිපුර රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

මේ අතර රිය අනතුරුවලින් ඊයේ දිනය තුළ පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ තවත් පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි