වෙන අය වෙනුවෙන් සා.පෙළ ලියූ 3ක් අත්අඩංගුවට

Police Arrest
By Thaya Mar 09, 2021 05:14 PM GMT
Report

මේ දිනවල ක්‍රියාත්මක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී වෙනත් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. මෙලෙස ඊයේ (08) දිනයේදී ද අනුරාධපුර, හිදොගම පොලිසිය විසින් කළුවිල විභාග මධ්‍යස්ථානයේ දී ගණිත ප්‍රශ්න පත්‍රය සඳහා විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා තිස්සමහාරාම, වීරවිල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ. ඔහු සිය ඥාතියෙකු වෙනුවෙන් මෙලෙස ඊයේ පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිට තිබෙනවා. අදාළ විභාග මධ්‍යස්ථානාධිපතිට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.