2025 වසරේ ලාංකිකයින්ට රැකියා අවස්ථා 3,40,000ක්.

Government Of Sri Lanka Sri Lankan Peoples Foreign Employment Bureau
By Wayomi Jan 24, 2025 03:58 AM GMT
Wayomi

Wayomi

Report

ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් කළා.

ඒ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමින්.

සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සඳහා ජනතාව විදේශගත කළ යුතු බවත්, කාර්යාංශයේ නීති රෙගුලාසිවලට යටත්ව නිරතුරුවම කාර්යාංශයේ අභිමානයද රැකගෙන කටයුතු කළ යුතු බවත්ය.

මේ අතර විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත්, මුදලට නොව මනුෂ්‍යත්වයට මුල්තැන ලබාදෙමින් ව්‍යාපාරයන්හි නිරතවන ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රජයේ නිලධාරීන්ට පර්මිට් වලට වාහන නෑ.. - ගන්න විදිහ ගැන ජනපති අනුරගෙන් ප්‍රකාශයක්..

රජයේ නිලධාරීන්ට පර්මිට් වලට වාහන නෑ.. - ගන්න විදිහ ගැන ජනපති අනුරගෙන් ප්‍රකාශයක්..

ජනපති අනුර ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි. - මහින්ද රාජපක්ෂගේ ඉඩමත් තක්සේරු කරයි.

ජනපති අනුර ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි. - මහින්ද රාජපක්ෂගේ ඉඩමත් තක්සේරු කරයි.


You may like this video

 

ReeCha