ආසාදිතයින් 28ක් දැඩි සත්කාර ඒකකවල
දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 28 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 80ක් දක්වා වැඩි කර ඇති බවත් සඳහන් කර සිටි වෛද්‍යවරයා, එම මධ්‍යස්ථානවල ඇඳන් 11,766ක් ඇති බව ද කියා සිටියේය. මේ වන විට එම ඇඳවල්වලින් 6,747ක් රෝගීන් සඳහා වෙන්කර ඇතැයි ද පැවසු විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“මේ හමුවු රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවුණේ. ඒ පිළිබඳව ලොකු ගැටලුවක් නෑ. ඔවුන්ව නිරෝධායනය කරලයි සමාජයට පිටත් කරන්නේ. නමුත් අපිට තවත් රෝගීන් කිහිපදෙනෙක් අවිස්සාවේල්ල හා වව්නියාව ප්‍රදේශයෙන් හමුවෙලා තියෙනවා සමාජයෙන්. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන විමර්ශන කරලා ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග දිගටම කරගෙන යනවා.“ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 77,000 සීමාව පසු කරද්දී කොවිඩ් මරණ 409 දක්වා වැඩි වී තිබේ. තවත් කොවිඩ් ආසාදිත මරණ 06ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (16) තහවුරු කළ අතර ඔවුන් සියලුදෙනාම පිරිමි පුද්ගලයින්ය.
මොනරාගල -විලඔය, පිළියන්දල, නයිනමඩම, අම්බලන්ගොඩ,පානදුර හා කොච්චිකඩේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වූ ඔවුන් අතරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ නිවසේදීමය. ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 409 දක්වා ඉහළ ගියේය.