නිරෝධායන නීති කඩා සාද පැවැත්වූ 25කට අධිකරණයෙන් දඬුවම්

Covid-19
By Thaya Feb 10, 2021 06:29 PM GMT
Thaya

Thaya

Report

මඩකලපුව, කල්ලඩි සංචාරක නිකේතනයක කොවිඩ්-19 නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සාදයකට සහභාගිවූ පිරිසකට දඩ නියම කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එම සාදයට එක්වූ 39 දෙනෙකුගෙන් 25 දෙනෙකුට රුපියල් 4,000 බැගින් දඩ නියම කළ අතර 14 දෙනෙකු ට එරෙහිව වරෙන්තු නිකුත්කර ඇත. පසුගිය දෙසැම්බර් මාස 15 වනදා එම සංචාරක නිකේතනයේ කොවිඩ් -19 නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නඩු පවරා තිබුණි එම නඩුව ඊයේ (09) මඩකලපුව මහෙස්ත්‍රාත් ඉදිරියේ විභායට ගත්විට 25 දෙනෙකුට රු 4,000 බැගින් දඩ නියම කළ අතර අධිකරණය මඟහැර සිටි 14 දෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට ද නියෝග කරන ලදී.