නව කොරෝනා අනු ප්‍රභේද 240ක් හඳුනා ගැනේ...

Covid-19
By Thaya Feb 22, 2021 07:16 PM GMT
Thaya

Thaya

Report

ඉන්දියාව පුරා නව කොරෝනා වෛරස් අනු ප්‍රභේද 240ක් පැතිරෙන අතර, මෑත කාලයේ කොරෝනා ආසාදනය ඉහළ යෑමට එය හේතු වී ඇති බව සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය පවසනවා.

විශේෂයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෙම නව වෛරස් ප්‍රභේද පැතිරෙන අතර කේරල, මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ පන්ජාබ් ප්‍රාන්තවලද එම තත්ත්වය දක්නට ලැබෙන බව සඳහන්.නව කොරෝනා ප්‍රභේද ඉහළ ප්‍රචාරණ හැකියාවකින් යුක්ත වන අතර, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ගොඩනැගුණු පුද්ගලයින්ට පවා කොරෝනා යළි ආසාදනය වීමට එය හේතු විය හැකි බවයි මහාචාර්ය රන්දීප් ගුලේරියා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ. ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි නව ලක්ෂ 91,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 156,399ක්.