විදුලිබල මන්ඩලයේ අභිරහස් ලෙස මියගිය ගිය 24 හැවිරිදි

Police
By Thaya Apr 01, 2021 04:32 AM GMT
Thaya

Thaya

Report

විදුලි බල මණ්ඩලයට අයත් අම්බලන්ගොඩ සීනිගොඩ පිහිටි නඩත්තුව එකකය සේවය කළ පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.ඔහුගේ මරණය සිදු සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන්.එලෙස මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි පියදර්ශන පුෂ්පකුමාර නැමැති අවිවාහක තරුණයෙකි.ඔවු කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ. මිය ගිය පුද්ගලයා විදුලි කම්බි ඇදීමේ කටයුතු සඳහා ඌරගස්මංහන්දිය ,යටගල වල්ඉඟුරුකැටිය ප්‍රදේශයට ගොස් සිටිය දී සිදු වූ තුවාලයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවත් සඳහන්.ඔහු රෝහල් ගත කරන විට සෙසු සේවකයින් රෝහලට පවසා ඇත්තේ යකඩ කූරක් ඇනීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ බඩ ප්‍රදේශය තුවාල වී ඇති බවයි.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් ඉක්මනින් තුවාල කරු ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති නමුත් පැය කිහිපයකට පසු ව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මියගිය පුද්ගලයාගේ තුවාලය වෙඩි වැදීමකින් සිදු වූවක් බවට වෛද්‍යවරුන් සැක පහළ කරන බවත් පැවසෙනවා. මේ පිළිබඳ ඌරගස්මංහන්දිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වන අතර මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට PCR පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.


GalleryGalleryGallery