23 හැවිරිදි තරුණයෙක් කොවිඩ් ආසාදිතව මරුට...සමස්ත මරණ ගණනත් ඉහළ යයි.

Covid-19
By Thaya Mar 11, 2021 09:36 PM GMT
Report

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 515ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අලවතුගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.