කොරෝනා එන්නත ලබාදුන් 23ක් හදිසියේ මිය යයි...අවදානම් තත්ත්වයක්.

Corona Vaccine
By Thaya Jan 17, 2021 08:15 PM GMT
Thaya

Thaya

Report

ෆයිසර් එන්නත ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 23 දෙනෙකු මියගිය ගිය බව නොර්වේ රාජ්‍යයෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් ෆයිසර් එන්නත ලබා දීමට ප්‍රථම දුර්වල හා වයස්ගත රෝගීන් ගැන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස එරට වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මරණ සහ එන්නත අතර නිශ්චිත සම්බන්ධතාවයක් මෙතෙක් හොයාගෙන නැතැයි නොර්වේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ෆයිසර් එන්නත නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත්තේ එම මරණ සම්බන්ධයෙන් දැනුවත් බවත් ඒ සම්බන්ධයෙන් අදාළ සියලු තොරතුරු එක් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ය.