පලාතක ප්‍රදේශ 50කින් නව කොරෝනා ආසාදිතයින් 214ක්..

Covid-19
By Thaya Feb 23, 2021 05:34 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 ආසාදිතයින් 519 දෙනෙකු ඊයේ (21) දිනය තුළ අලුතින් හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒ ආසාදිතයින් 122ක් ලෙසය.

ඊට අමතරව මහනුවර 85ක් සහ ගම්පහ 64ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 23 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර අනෙක් ආසාදිතයින් 495 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

එම ආසාදිතයින් 519 දෙනාත් සමගින් මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 79,999 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

විදෙස් රටක සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට ආසාදිතයින් 5,255 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 74,299 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයින් අලුත්න් හඳුනාගත් ප්‍රදේශ පහතින්,


Gallery