හොර පාරෙන් රට පනින්න ගිය 20ක් කොටුවෙයි...කතුන් 04කුත් ඒ අතර.
Police
By Thaya
නීතිවිරෝධීව මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, පසුගිය 6 වනදා සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් 20 දෙනා අතර පිරිමි පුද්ගලයින් 14 ක්, කාන්තාවන් 4 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙක් ද වෙති. නාවික හුමදාව පැවුසවේ, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ද මෙම පිරිස අතර සිටින බවට හඳුනා ගත් බවයි. මුලතිව්, යාපනය සහ මන්නාරම , වාලච්චේනය, වත්තල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.