සිංහරාජ රක්‍ෂිතය මැද වැවු දෙකක් හදනවා.. යටවන ගස්වලට අලුතෙන් වවලා දෙනවා..- ඇමති චමල්..

Sinharaja
By Thaya Mar 22, 2021 05:07 PM GMT
Thaya

Thaya

Report

එකක් අක්කර පහක පමණ වූ විශාල වැව් දෙකක් සිංහරාජ රක්ෂිත වනාන්තරය තුළ ඉදි කිරීමට කටයුතු සුදානම් කරමින් ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. හම්බන්තොට ප්‍රදේශයට පිරිසිදු ජලය ගෙන යාම සඳහා ජලය එක්රැස් කරගැනීමට මෙම වැව් ඉදි කරන බව ද ඔහු පැවසීය. ඒ සඳහා සිංහරාජ වනාන්තරයේ මෙම වැවු ඉදිකිරීම් සම්බන්ධයෙන් ගැටලූවක් පවතින නිසා අදාළ අංශ සමඟ ඒ ගැන සාකච්ඡා කරමින් සිටින බවද ඇමැතිවරයා කීය. සිංහරාජය තුල එම වැව් ඉදිකිරීමේදී යට වන ගස් සඳහා වෙනම අක්කර පනහක් සීයක් පමණ ගස් සිටුවා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.