ටික්ටොක් වීඩියෝවක් සැකසීම ගිය සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට..!
By Sewvandhi
සිසුන් හයදෙනෙක් ගමන්ගත් ඔරුවක් මඩලකලපුව නාවල්අඩි කළපුවේ දී පෙරළී අනතුරක් සිදුව තිබේ.
මඩකලපුව සීලාමුනේ ප්‍රදේශයේ සිට නාවල්අඩි ප්‍රදේශයට අද (08) දහවල් 12ට පමණ මෙම සිසුන් පැමිණ තිබුණි.
පසුව ඔවුන් හයදෙනා නැවත සීලාමුනේ බලා පිටත්වීමට ගොඩට පැමිණෙමින් තිබිය දී ඔරුව පෙරළී එයට යටවී ඇතැයි වාර්තා වේ.
එහිදී ඔරුවේ ගමන්ගත් සිසුන් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනාවරණය වී ඇත්තේ, මෙම සිසුන් ටික්ටොක් වීඩියෝවක් සැකසීම සඳහා මෙලෙස ඔරුවකින් ගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 18 සිසුන් දෙදෙනෙකි.