නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් බෙදා අවසන්..

Report

 අද (6) වන විට 2024 ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් පමණ ජන්දදායකයින් වෙත බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසී ය.

පසුගිය 3 දා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීම ආරම්භ කළ බව ද හෙතෙම පවසා ඇත.

තැපැල් ඡන්ද භාවිතය ඉහළ මට්ටමක...

තැපැල් ඡන්ද භාවිතය ඉහළ මට්ටමක...

ලබන 14 දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත නිවෙස් වෙත ගොස් බෙදා හැරීම සිදු කරන බවද නියෝජ්‍ය තැපැල්පති පැවසීය.

හෙටත් (7) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම සිදු කරන බවද පැවසී ය.

එමෙන් ම, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් පවසා සිටියේ, අනිද්දා (8) වැනි ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ය.