දරු දෙදෙනා මතට හුරු කර අපචාර වැඩට විකුණලා

Drugs Abuse
By Thaya Apr 09, 2021 06:49 PM GMT
Thaya

Thaya

Report

මව අනියමි සැමියා සමඟ එක්ව 11 හැවිරිදී හා 14 හැවිරිදී දරුවන්‌ දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුකර මුදලට ලිංගික අපයෝජනයේ යෙදවීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන්‌ ඇල්පිටිය පොලිසීයේ ළමා හා කාන්තා කාර්්‍යයංශය පරික්ෂණයක්‌ ආරමිභ කර ඇතැයි ශාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.දරුවන්ගේ පියා මව හැර ගොස්‌ සිටින අතර දරුවන්‌ දෙදෙනා මිත්තණිය විසින්‌ හදා වඩාගෙන ඇති බවත්‌ අනාවරණය වී ඇත. දරුවන්ගේ මව මොරටුව ප්‍රදේශයේ ජීවත්‌ වෙමින්‌ අනියම්‌ සැමියා සමග එක්ව ඉතාමත්‌රහසිගත ආකාරයට දරුවන්‌ දෙදෙනා මුදලට ලිංගීක කටයුතු සඳහා යොදවා ඇති බවට කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණ පැමිණිල්ලක්‌ අනුව ඇල්පිටිය ළමා හා කාන්තා කාර්යාංශය විසින්‌ මෙම පරීක්ෂණ ආරම්භ කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන්‌ ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වයි.එල්‌. ලීලවංශ මහතංගෙන්‌ විමසූවිට කියා සිටියේ ළමයින්‌ දෙදෙනා කළ ප්‍රකංශ අනුව ඔවුන්‌ රැගෙන ගිය භෝටල්‌ සහ නිවාසවලට ද ගොස්‌ පරික්ෂණ පවත්වා සත්‍යතාව තහවුරු කර ගැනීමට පියචර ගන්නා බවයි. ළමයින්‌ දෙදෙනා ඊයේ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත්‌ කර වාර්තාවක්‌ ලබා ගැනීමට නියමිතව තිබිණ. ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන්‌ වෙදසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වයි.එල්‌. ලීලවංශ මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්පිටිය පොලිසියේ ළමා හා කාන්තා කංර්යංශය වැඩිදුරපරීක්ෂණ පවත්වයි.