සුපිරි ගණිකා නිවාස 03 ක් වටලා තරුණියන් 18ක් අල්ලයි!

Police
By Thaya Apr 09, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

ඈත පිටිසර ගම්මානවල පදිංචි රූමත් යුවතියන්ට රැකියා ලබාදෙන බවට පවසා නගරයට ගෙන්වා පසුව ඔවුන් සංවිධානාත්මකව ගණිකා වෘත්තියට යොමු කළ බව කියන ජාවාරම්කරුවන් පස් දෙනකු සහ එම ගණිකා නිවාසවල රැඳී සිටි ළාබාල යුවතියන් 18 දෙනෙකු පෙරේදා (7 දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගණිකා නිවාස වටලන ලෙසට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව වැටලීම් මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා විසින් සිදුකර ඇත.

මෙම ගණිකා නිවාසවල රැඳී සිටියදී අත්අඩංගුවට ගත් තරුණියන් පිරිස නිකවැරටිය, තිස්සමහාරාමය, පොලොන්නරුව ආදී දුර බැහැර ප‍්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 18-26 අතර වයස්වල පසුවේ. ඔවුන් සම්බාහන ආයතනවල රැඳී සිට අත්අඩංගුවට පත් වූවන් වන අතර ඔවුන් සම්බාහනය කියන්නේ කුමක්දැයි පවා නොදන්නා බවත් ඔවුහු පවසති. අත්අඩංගුවට ගත් තරුණියන් සහ එම ජාවාරම මෙහෙයවූවන් අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත. මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂකවරුන් වන සම්පත් දිසානායක සහ ඉන්දික යන මහත්වරුන් වැටලීමට සහභාගි වූහ.