හෙට හා අනිද්දා දුම්රිය 17 ධාවනය කෙරේ.

Trains
By Thaya Jan 09, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

සති අන්තයේ 9 හා 10 දෙදිනප්‍රධාන ,උතුරු ,පුත්තලම් ,කැළණිවැලි හා මුහුදු බඩ මාර්ගයේ දුම්රිය 17ක් ධාවනයට එක් කොට ඇතැයි දුම්‌රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්ද,උතුරු මාර්ගයේ එක් දුම්රියයක්ද,පුත්තලම් මාර්ගයේ දුම්රිය 3 ක්ද,කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2 ක්ද,මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 5 ක්ද ලෙස ධාවන කිරීමට සැලසුම් කර තිබේ.

කොරෝනා වසංගත තත්ත්තය හමුවේ දෙමටගොඩ දුම්රිය ස්ථානයේ තවදුරටත් දුම්රිය නොනවත්වා ධාවනය කරන බවද කසුන් චාමර මහතා පවසයි.