කසකස්ථාන සංචාරකයන් 164 ක් දිවයිනට

Tourists
By Thaya Feb 06, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් තත්වය ආරම්භවීමත් සමග කසකස්ථානයෙන් පළමුවරට පැමිණි සංචාරකයන් පිරිස අද දිවයිනට ළගාවුණා. 164 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවූ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කලේ. කසකස්ථානයට අයත් එයාර් අස්තානා ගුවන් සේවයට අයත් ඒ 321 වර්ගයේ ගුවන් යානයකිනුයි අද පෙරවරුවේ මෙම සංචාරකයන් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.