ළමා රෝහලේ කොරෝනා ආසාදිත ළමුන් 150ක්

Covid-19 Children
By Thaya Feb 05, 2021 05:14 PM GMT
Report

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත ළමුන් 150කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් පසුවන බව එහි රෝහල් අධ්‍යක්‍ෂ, වෛද්‍ය ජී. විජේසූරිය උපුටා දක්වමින් ප්‍රධාන පුවත්පතක් අද වාර්තා කරනවා.

ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත ළමුන්ගේ මවුපියන් 100කට අධික පිරිසකටද කොවිඩ් ආසාදනය වී ඇතැයිද රෝහල් අධ්‍යක්‍ෂවරයා පවසා තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමට ප්‍රමාද වීම නිසා කොවිඩ් ආසාදිත ළමයකු ජීවිතක්‍ෂයට පත්වූ බව පවසන වෛද්‍ය ජී. විජේසූරිය, කොවිඩ් ආසාදනය වූ වහාම එම රෝගීන් රෝහල්වලට ඇතුළත් කරන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා