15 හැවිරිදි සිසුවිය බිය කර නිවසට කැදවා සති ගණනක් අතවර කරලා..

Abuse
By Thaya Mar 29, 2021 07:13 PM GMT
Thaya

Thaya

Report

කැකිරාව ප්‍රදේශයේ පාසලක 10 වසර එකම පන්තියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යයාවක් බියට පත් කර එක් ශිෂයෙකු ගේ නිවසට කැඳවා සති තුනක පමණ කාලයක් බරපතළ ලිංගික අපයෝජනය කර ඇති 15 හැවිරිදි ශිෂ්‍යයන් දෙදෙනෙකු සැකපිට පසුගියදා කැකිරාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

වින්දිත ශිෂ්‍යාව එකම පන්තියෙ තවත් ශිෂ්‍යයකු සමග කතාකරමින් සිටින අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කර එය ශිෂ්‍යයාවගේ අක්කාට පෙන්වන බවට බියට පත්කර එසේ නොකරන්නට නම් තම නිවසට පාසල නිම වී පැමිණෙන ලෙස දන්වා ශිෂ්‍යයන් දෙදෙනා ශිෂ්‍යාවට වරින් වර බරපතළ ලිංගික අපයෝජනය කර ඇති බව පොලිස් පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

සිද්ධිය ශිෂ්‍යයාව ගේ අක්කා සියසින් දැක පසුව පොලීසියට පැමිණිලි කර ඇත.අදාළ ශිෂ්‍යාවගේ මව ඇය කුඩා කාලයේම මිය ගොස් ඇති අතර දැනට අක්කා භාරයේ දිවි ගෙවති.අපයෝජනයට ලක්වූ දැරිය කැකිරාව පොලිසිය ළමා හා කාන්තා කාරයංශයේ උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රානි මහත්මිය විසින් කැකිරාව දිසා රෝහලේ වෛද්‍ය සේනාරත්න මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයේදී දූෂණයට ලක් වී නැති බව තහවුරු වී ඇත.

ශිෂ්‍යයාව ලබාදුන් ප්‍රකාශ අනුව අත්අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයන් දෙදෙනා කැකිරාව දිසා මහේස්ත්‍රාත් යූ. එස්.කේ. කේ. වේරණියගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 31 වැනිදා කැකිරාව උසාවියට කැඳවීමට නියෝග කළ අතර ශිෂ්‍යයන් දෙදෙනා අනුරාධපුර අභය ළමා නිවාසය රඳවා තබන ලෙසත් ශිෂ්‍යාව අක්කා භාරයේ තබන ලෙසත් පොලීසියට නියෝග කළේ ය.

කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාරසිරි මහතාගේ උපදෙස් අනුව කාන්තා උප පොලිස් පරීක්ෂිකා ඉන්ද්‍රානි සහ උප පොලිස් පරීක්ෂක එච්. එම්. ධනපාල හේරත් යන මහත්ම මහත්මීන් විසින් මෙම නඩුව උසාවියට ඉදිරිපත් කළේය.