මීරිගමට විනාඩි 15ක අයිස් වැස්සක්..
Rain
By Thaya
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ අධික වර්ෂාවක් පතිත විය. එම අයහපත් කාලගුණ තත්වයත් සමග මීරිගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක අයිස් වැසි තත්ත්වයක් දක්නට ලැබුණි. මීරිගම , බෝතලේ, සුදුකන්ද , කාමරන්කාව ආදි ප්‍රදේශවලින් මේ අයිස් වර්ෂාව පිළිබඳ වාර්තා විය. අප වාර්තාකරුවන් පැවසුවේ විනාඩි 15කට ආසන්න කාලයක් මෙම වර්ෂා තත්ත්වය පැවති බවය.