රියඅනතුරුවලින් 14කට දිවි අහිමිවෙයි

accident road
By Thaya Feb 01, 2021 05:37 PM GMT
Thaya

Thaya

Report

දෙදිනක් තුළ සිදුවු මාර්ග රියඅනතුරු හේතුවෙන් පුද්ගලයින් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම රිය අනතුරුවලින් 7ක් ඊයේ දිනය තුළ සිදුව ඇති අතර එයින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

තවත් පුද්ගලයින් 5 දෙනෙකු මීට පෙර දින සිදුවු අනතුරුවලින් රෝහල්ගත කර සිටි පුද්ගලයින් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම රිය අනතුරුවලින් මියගිය පුද්ගලයින්ගෙන් 5 දෙනෙකු යතුරුපැදිකරුවන් සහ 4 දෙනෙකු පා පැදිවලින් ගමන් කළ පුද්ගයින් බව වාර්තා වේ.


“මෙම තත්ත්වය ඉතාම කනගාටුදායක සහ සෝචනීය තත්ත්වයක්. එක් දිනයකට 14 දෙනෙකු රිය අනතුරුවලින් මියයාම සාමාන්‍ය තත්ත්වයට වඩා සීමාව ඉක්මවා ගිය තත්ත්වයක්. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධික වේගය සහ මාර්ග සංඥ නොසලකා රිය පැදවීම“ යනුවෙන් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.