බස් රථයක් පෙරළී 13කට තුවාල

Accident
By Thaya Feb 23, 2021 05:16 PM GMT
Report

පෞද්ගලික බස් රථයක් නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් එම බස් රථයේ ගමන්ගත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත්කර ඇත. තලවාකැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීම සඳහා බිබිල ප්‍රදේශයේ සිට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (22) පස්වරුවේ එළෙස අනතුරට ලක්වී තිබේ. අධික බෑවුම් සහිත මාර්ගයේ ධාවනයවන අවස්ථාවේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා බස් රථය ඉදිරියට ඇදී ගොස් බවුසර් රථයක ගැටී අනතුර සිදුවී තිබේ.