සිංහල අවුරුද්දට 13-14 සුරාසැල් වසයි.

New Year Liquor
By Thaya Apr 07, 2021 09:27 PM GMT
Thaya

Thaya

Report

එළ‍ඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මේ මස 13 හා 14 දෙදින සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් රටබීම හල් හෝටල් ආපනශාලා ඇතුළු මත්පැන් අලෙවිහල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් නියෝග කර ඇත.

මෙම කාලසීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත.

අදාල දිනවල නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් හා බලපත්‍ර ලාභීන් සිදුකරණ වැරදි සම්බන්ධ වැටලීම් කිරීම සදහා විශේෂිත සුරාබදු කණ්ඩායම් යොදවා තිබෙන අතර එවැනි ජාවාරම් පිළිබද තොරතුරක් තිබුණ හොත් වහාම අදාල දුරකථන අංකයට දැණුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍ය භාවය රකින බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.