කොළඹ නගර සීමාව තුළ කොරෝනා මරණ 119ක්...ආසාදිතයින් 292ක්...තත්ත්වය අවධානම්.

Covid-19 Police Colombo Corona Virus
By Thaya Jan 06, 2021 04:39 PM GMT
Thaya

Thaya

Report

කොළඹ නගරසභා සීමාව තුළ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 12,255ක් බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරනවා.

එමෙන්ම කොළඹ මහනගර සභාවේ සේවක සේවිකාවන් 292කු ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති බව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

"ඊයේ දිනයේ අපි PCR 950ක් කරලා තියෙනවා. ඒකෙන් 25ක් පොසිටිව්. තවත් 600ක වාර්තා එන්න තියෙනවා. කොළඹ දැන් පරිස්සම් කියලා කොයි වෙලාකවත් හිතන්න එපා. ඊයේ ඇන්ටිජන් පරීක්ෂණ 150න් 7ක් පොසිටිව්. නගරසභා සීමාව තුළ කොවිඩ් ආසාදිතයින් මේ වනවිට 12,255ක් හඳුනගෙන තියෙනවා පළවෙනිදා ඉඳලා අද වෙනකම්. මේ වෙනකොට. මරණ 119ක්. කොළඹ මහනගර සභාවේ සේවය කරන 292කට කොවිඩ්. මේ වෙනකොට කරලා තියෙන සමස්ත PCR සංඛ්‍යාව 63,367ක්. කොරෝනා වෛරසයට කලින් තිබ්බ සාමාන්‍ය ජීවිතයේ අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා කිසිවිටෙකත් හිතන්න එපා. ඒත් අපිට කොරෝනා වෛරසයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්."