ගතවූ පැය 24 තුලදී රිය අනතුරු මරණ 11 ක්.

Accident
By Thaya Feb 16, 2021 07:02 PM GMT
Report

මෙරට රිය අනතුරු වලින් පසුගිය පැය 24 තුලදී පමණක් මරණ 11 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. ඉන් 9 ක්ම ඊයේ දිනයේදී සිදුවූ අනතුරු හේතුවෙන් වන අතර මරණ 2 ක් පෙර දින වලදී සිදු වූ අනතුරු වලින් වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මේ දිනවල මාර්ග අනතුරු වල වැඩිවීමේ ස්වභාවයක් පෙන්නුම් කරන බවයි.