දිනකටම 103ක්: මෙරට පිළිකා රෝගීන් ගණන නිතරම ඉහළට

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ දෛනිකව පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගනු ලබන බව වාර්තා වේ.

මෙම රෝගීන් අතර විවිධ පිළිකා වර්ග හඳුනා ගැනුනත්, වැඩි පිරිසක් මුඛ පිළිකාවලින් පීඩා විඳින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මුඛ පිළිකා බහුලව හමුවන්නේ දුම්පානය, මත්පැන් භාවිතය, සහ දුම්කොළ ඇතුළු තම්බකු නිෂ්පාදන භාවිතය වැනි පුරුදු හේතුවෙන් බවයි. මීට අමතරව, පිළිකා රෝගීන් හඳුනාගැනීමේදී පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, සහ පෙනහළු පිළිකා ද සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වන බව සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේය.

කිරි තේ එකක මිලත් ඉහළට

කිරි තේ එකක මිලත් ඉහළට

ජාතික පිළිකා මර්දන වැඩසටහන යටතේ, රෝගීන් හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා රජයේ රෝහල්වල නොමිලේ පරීක්ෂණ හා ප්‍රතිකාර පහසුකම් සපයන බවද ඔහු අවධාරණය කළේය. එසේම, ජනතාව අතර පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, මුලික අවධානම් සාධක පාලනය කිරීමෙන් පිළිකා අවදානම අවම කළ හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වංචාවක් මහ බැංකුව හෙළිකරයි

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වංචාවක් මහ බැංකුව හෙළිකරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික ඉලක්කය වන්නේ, මුල් අවධියේදීම පිළිකා හඳුනාගැනීම තුළින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම බවද සුරාජ් පෙරේරා මහතා තවදුරටත් පැවසීය.

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 10 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි