මාරවිල නගර මධ්‍යයේ සිදුවූ රුපියල් 1000 මංකොල්ලය

Police
By Thaya Mar 20, 2021 07:31 PM GMT
Report

රුපියල් දහසක් මාරු කර දෙන මෙන් ඉල්ලා එය මාරුකර දීමට ඉදිරිපත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ අතේ තිබු මුදල් පැහැරගෙන යාමේ සිදුවීමක් මාරවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිද්ධියට මුහුණ දුන් එම කාන්තාව පවසන පරිදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු තමන්ගෙන් රුපියල් 1000ක් මාරු කර දෙන මෙන් ඉල්ලා සිටිය බවත් මාරු කිරිමට මුදල් නොමැති බව කීවත් ඔහුගේ පෙරැත්ත කිරීම මත අත තිබු රුපියල් 500 නෝට්ටු දෙක ලබාදීමට ඉදිරිපත් වූ බව ඇය පවසා සිටියා. එවිට යතුරුපැදිකරු තම අත තිබු මුදල් නෝට්ටු රැගෙන එකවර යතුරුපැදියෙන් පළා යෑමට උත්සහ දැරූ බවත් එය නතර කිරිමට තමන් යතුරුපැදියේ එල්ලුනත් ඔහු වේගයෙන් පළා ගිය බවයි එම කාන්තාව සඳහන් කළේ. සිදුවීමෙන් එම කාන්තාවගේ හිසට සහ පාදයට තුවාල සිදුව තිබුනේ මේ අයුරින්.