කොරෝනා එන්නතෙන් 1000 ක ගරානාවක්

Covid-19 Corona Vaccine
By Thaya Mar 07, 2021 08:55 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු අද (6) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි. මරදාන දෙමටගොඩ පාරේ පිහිටි මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදේශවාසීන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය සහායකයෙකු එන්නත ලබාගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් 1000 බැගින් අය කරගෙන එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි මරදාන පොලිසිය කියයි.

මොහු මෙම ජාවාරම එන්නත් ලබාදීම ආරම්භ කල මුල් වකවානුවේ සිටම සිදුකරගෙන ගොස් ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරින් විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.මෙම ජාවාරම වැටලීම අද (06) බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ තොරතුරු මත මරදාන පොලිස් ස්ථානාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් සැකකරු මුදල් ලබා ගන්නා අවස්ථාවේදි මරදාන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. අත් අඩංගුවට පත් වන අවස්ථාවේදී මෙම සැකකරු සන්තකයේ තිබී එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින්ගෙන් ලබා ගන්නා ලද රුපියල් 20000ක පමණ මුදලක් තිබී හමුවී ඇත.