කිලෝමීටර් 50ක් තුල වාහන 100ක් අනතුරට ලක්වෙයි... පුද්ගලයින් 06 දෙනෙක් ජිවිතක්ෂයට
Police
Accident
By Thaya
අමෙරිකාවේ, ෆෝර්ට් වර්ත් හි පිහිටි ටෙක්සාස් සිට ඩලස් දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර 50 ක් ප්‍රමාණයක් අතරවාරයේ දී මෝටර් රථ 100කට අධික සංඛ්‍යාවක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රාදේශීය ගිනිනිවීම් සහ හදිසි ප්‍රතිචාර ඒකකය සඳහන් කලේ මෙම අනතුර නිසා පුද්ගලයින් රැසක් වාහන තුල සිරවී සිටින බවත් ඔවුන් බේරා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවයි. CNN පුවත් සේවය වාර්තා කලේ හිමපතනයන් හේතුවෙන් මාර්ගයේ ඇතිවී තිබෙන ලිස්සා යාමේ තත්ත්වය නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.