දේශපාලනය හා මුදල් බලය යොදාගෙන පරිසර හානි හානි කළ පුද්ගලයින් 100 ක් නීතිමය පියවර ....
පරිසර අමාත්‍යාංශය සෑම සති අන්තයකම විවිධ පැළ වර්ග 5000කට අධික ප්‍රමාණයක් රෝපණය කරන අතර ගතවු මාස තුන තුළ පැළ ලක්ෂයක් පමණ රෝපණය කිරීමට පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. රජය විසින් මේ වනවිට විශාල සංවර්ධන වැඩ සටහන් රැසක් ආරම්භ කර තිබෙනවා.ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම , අධීවේගී මාර්ග ව්‍යාපෘති මෙන්ම නාගරික නිවාස ව්‍යාපෘති වැනි සංවර්ධන වැඩ සටහන් රැසක් ඒ අතර තිබෙනවා. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන්නේ කිසිදු රජයක් යටතේ අවධානයට යොමු නොවු පාරවල්. ඒවා සංවර්ධනය කිරීමේ දී වැලි,කළුගල්, හා පස් අවශ්‍යයි. ඒ වගේම ඇතැම් පාරවල් අසල ඇති ගස් පවා ඇතැම් අවස්ථාවල ඉවත් කිරීමට සිදු වෙනවා.
මේ වනවිට පරිසරයට නමුත් අපි උපදෙස් දී තිබෙන්නේ හැකි තරම් එවැනි අවස්ථාවල ගස් නොකපා එම සංවර්ධන කටයුතු කරන ලෙස. සංවර්ධන ව්‍යාපෘතිවල දී වැලි ,කළුගල්, හා පස් අපිට පිට රටින් ආනයනය කරන්න බැහැ. ඒවා අප රටෙන්ම ලබා ගත යුතුයි. නමුත් අද සමහරු විශාල පරිසර හානියක් සිදුවෙනවා යැයි චෝදනා කළත් එහි සත්‍යතාවයක් නෑ. දේශපාලනය හා මුදල් බලය යොදාගෙන පරිසර හානි හානි කළ පුද්ගලයින් 100 ක් සම්බන්ධව අපි නීතියට අනුව පියවර ගෙන තිබෙනවා. ඒ අතර සමහර දේශපාලනඥයින්ගේ හිතවතුනුත් ඉන්නවා.පරිසරය විනාශ කරනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න අපි පසුබට වන්නේ නැතැයි ද පරිසර අමාත්‍ය මහින්දඅ මරවීර මහතා පැවැසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (08) රූමස්සල සොබා කෙත පරිසර කේන්ද්‍රෙය් දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
නැකතට පැළයක් යන තේමාව යටතේ අප්‍රේල් මස 16 දින පෙරවරු 6.40ට යෙදෙන රුක්රෝපණ ජාතික රුක්රෝපණ නැකතේ දී රෝපණය කිරීමට අවශ්‍ය පැළ ලබා ගැනීමට බීජ සිටුවීමේ වැඩ සටහනක් ඊයේ රූමස්සල දී පැවැත්විනි. ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම අවස්ථාවට ගාල්ල නියෝජ්‍ය පොලිස් අධිකාරි ඩී.වී. ගිනිගේ මහතා සහ දකුණු පළාත් පරිසර අධ්‍යක්ෂවරයා ඇතුලු පිරිසක් සහභාගි වුහ. එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-අපේ පරිසර නිලධාරින් පරිසර රැක ගැනීම සඳහා විශාල වැඩ කොටසක් කරනවා.සමහර නිලධාරින් ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරවලට පවා ලක් වී තිබෙනවා. මම දන්නවා එක් නිලධාරියෙක් වැලි ටිපර් එකකින් යට කර ගෙනම ගියා. එවැනි නිලධාරින් පරිසරය රැක ගැනීමට විශාල සේවයක් කරනවා.
ඒ වගේම තවත් සමහරු ඉන්නවා ජාවාරම්කරුවන්ගේ මුදල්වලට යටවෙලා සේවය පැහැර හරින. ඒ අය නිසා තමයි අද මෙවැනි පාරිසරික ගැටළු ඉස්මතු වෙලා තිබෙන්නේ. ඊයේ මාධ්‍යවලින් දාරළුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබෙන දුර්ලභ ශාඛයක් ඉවත් කිරීමට තැත් කිරීමක් සම්බන්ධව වාර්තා කළා. ඒ අවස්ථාවේම මම මාර්ග සංවර්ධන අධිකාරියටත්, වනසංරක්ෂණ ලේකම්ටත් කතා කළා. මම උපදෙස් දුන්නා ඒ දුර්ලභ ශාඛය
විනාශ කරන්න එපා කියළා. ඒ වගේම අධිවේගී මාර්ගය සැකසීමේ දී ඊටවිකල්ප වැඩ පිළීවෙළක් යෝජනා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. කොහොම වුනත් එම දුර්ලභ ශාඛය කපා ඉවත් කරන්න දෙන්නේ නැහැ. පරිසරය හා සංවර්ධනය යන දෙක සමතුලිතව පවත්වාගෙන යාම අසීරුයි. සංවර්ධන වැඩ සටහන්වල දී කිසියම් පාරිසරික හානියක් සිදුවෙනවා. විශේෂයෙන් ශාඛවලට.නමුත් අපි හැකිතරම් ශාඛ රෝපණය කිරීමේ වැඩ කටයුතු අරඹා තිබෙනවා. සෑම සති අන්තයකම අපි පරිසර අමාත්‍යාංශය විදියට පැළ 5000ක් රෝපණය කරනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.